ලෙඩ දුක් පිරිලා හද දුක් සුසුමන් වී
ඉසුරින් සිඳිලා අද මා දුප්පත් වී
ඇසුරින් මිදිලා හදවත් දෙතැනක වී
ගිනිකඳු පුපුරා ලෝදිය විසිරී යයි
හදවත් පුපුරා වයිරය විහිදී යයි
ගිනියම් වුනදා සිතකට දුර නොපෙනෙයි
අලුයම් පෙම පරදා සිත සසැලෙයි
ගිනිකඳු පුපුරා අඳුරෙන් ලොව වසනා
ඇති තතු නොදැනා සැකයෙන් සිත පිරුණා
වරදෙහි බැඳිලා මා පසුපස රැඳුනා
දස්සන් පරදා කැප වූවන් දිනනා
ගිනිකඳු පුපුරා අළු සැම තැන විසිරී
කාලය ගෙවිලා නැත කල දෙයකුත් ඉතිරී
අප සිත් බැඳිලා ආලය ඇත සසරේම විසිරී
මා නොහරීම් ඔබ, ආවත් මොන හැතිරී
ගිනිකඳු පුපුරා ඇතිවෙයි මැණිකුත් දියමන්ති
සිතුවිලි ගැටුමෙන් වේදනාව හිතට හති
සුළු වරදකටත් වෙන්වන කපල් ලොවේ ඇති
කසුන්ට ### සදහට යුවති පති
ගිනිකඳු පුපුරා නව ලොව ඇති වන්නේ
එම සරු පොලොවෙනි ජිවය දළුලන්නේ
අපගේ ආලය නැහැ දබරෙන් නැතිවන්නේ
එත් මගෙ ###
බලකරලා බෑ ඉබේට කවි ලියවෙන්නේ..

No comments:
Post a Comment