Monday, June 18, 2012

සිහිකරමි ආදරෙන්...

කජු කැලේට නම වැටුණු හැටි වැඩි විස්තර වෙන ලිපියකින් කියන්නම්... සමහර විට අපිට දුර ගමනක් යන්නත් පුළුවන් වේවි. දුර උනත් කෙටි උනත් ඒ යන ගමනේ මුල් පියවරකට ආදර ඇරඹුමක් තියන්න මට හිතුන. 

මේ කියන්නේ කාටද කියල මගෙන් අහන්න එපා. හේතුව, 

සමහර දේවල් දැනගන්න ඕනා දැනුමින් නෙවේ, ප්‍රත්‍යක්ෂයෙන් නිසා..    




සෙනෙහෙබර පෙම් වදන්

ඉසුරුබර පෙම් හසුන්

අහෝ ! ඔබ නැත ලබා හුඟ කාලෙකින් ....

රළු වදන් ඉවසමින් කෙටි දෙසුම් සැනසෙමින්

රුව නොදැක සති ගනන්

හිදී ඔබ ආදරෙන් එනතුරුම මග බලන්...



බිදී ඇත මතකයන්

ගෙවූ හැටි දින ගනන්

සිදී නැත ආදරෙන් ඔබෙ ලයම මා වෙතින්....

කදුලින්ම නෙතු තෙමන්

මටම බැදී ආදරෙන්

දුක් විදින ඔබ දකිනු බැහැ සතුටකින්...



ව්‍යාධි දුක් කඳ ඉරන්

පරණ සෙනෙහස අරන්

අලුත් හසරැල් පිරුණු මුහුණකින්...

මගෙම සොදුරිය සොයන්

නොපමාව මේ සතියේ එන්නේ 
මං

සසරේ අපි නොපරදින ආදරෙන්.....




No comments:

Post a Comment