Tuesday, November 20, 2012

අබිසරුලිය...

කුඩ්යක් අත දරා
බ්ලව්සයෙන් විලි වසා
ගැලපෙන්නෙකු එන තුරා
සිටිමි මම මග බලා

දුක් ගින්නක් හිත දරා
සිනහ මලින් මුව සරා
විලිබිය මහමග මරා
කුසගිනි කරනට දුරා

මොනර කොල නොලබුනත්
රැකුම තරම් දිවියක්
පොඩි උන්ට කන්නට යමක්
දෙන්න මට ඇත අරමුණක්

සැමදා සවස නොනිමෙන පවසම වින්දා
නැමදා දෙපා නොකියන රසයක අන්දා
නැතිදා තරුණකම කිසිවෙකු නැති හන්දා
පද්දා නිතබ අඩ ඇදුමින් සිල් බින්දා

ලදකට ලැබෙන ගරු බුහුමන් ලැබගන්න
මවකට ලැබෙන දරු අබිමන් දැකගන්න
පිනකට ලැබෙන මනුසත් බව පල ගන්න
ටිකකට උරුම නැතිදෝ මට නිදි ගන්න

පෙර කල කරුමෙක පල මම විදිනා
මේ දිවියෙන් කවදා මම අත් මිදෙනා
ඇයි මෙතරම් මගේ සිරුර ගද ගසනා
සොයා එන්නෙ වෙනකක් නැති ලෙස වටිනා


Created By Koba and Ana @ Last Lecture of Principles of Marketing L2S2

Sunday, October 21, 2012

කැළණි පාලම


සබඳ ඔබට මතකද මා ඔබහට කිවු පෙරදා
දැකුම කැළණි පාලම මට දුක ගෙනදෙයි සැමදා
එකම ලොවක සිට වෙනකට යන මාවත සාදා
දෙලොව එකතු නොවනා බව සිතුවා මම කිසිදා

දුවිලි සුළගින් සැනසෙන ගිනියම් නගරේ
මලක් මම දුටිමි දහසක් පරමල් අතරේ
හැඳින පුරුදු සුවඳක් ආ මිතුදම් සසරේ
වරක් වැරදුනාදෝ පැටලී සිතුවිලි මිතුරේ

සුසුදු රෝස මල් තිබුනත් කටු අතු දවටා
නෙලනු රිසි නැතේ උයනේ අයිතිය රවටා
කලක පටන් තිබුනත් හැගුමන් එමටා
සත්‍ය දුටු කලට දැමුවෙමි එය මුලිනුපුටා

දෙලොව යාකරන පාලම සැමදා නිසලේ
සසල නැති හදක් වෙනුවෙන් පිදුමට ආලේ
නොගිය මගක වැරදීමට බැහැ සිට බාලේ
දෙලොව අතර සැනසුම පවතින ලීලේ

සසර බැඳුම් දිව්‍ය මැවුම් හැම ලොව පවතී
මග නොපෙනුනත් නිසි තැනටම යාවෙලා ඇති
සතුටෙත් සැනසුමෙත් සිතතුල ආලයක් ඇතී
මට හමුවෙලාදෝ සසරම ආපු තැනැත්තී

පතන පැතුම් සිතන සිතුම් ඉටුවේවා
කරන දෙයින් ජය සතුටම අත් වේවා
දිවිය දුකින් කරදරයින් තොර වේවා
සසර ගෙවා  එකටම නිවනත් වේවා !!!