Monday, August 13, 2012

Cruel Compassion


හ්ම්ම්... කොඳු නාරටිය දිගේ එන වේදනාවනම් තවත් ඉවසගන්න බෑ,වෙලාවකට හිතෙනවා දැන් මැරෙයි කියල ... එත් මේ පාරත් දවස් දෙක තුනක් මේ අපා දුක වින්දහම හරියයි,කොච්චර ඉවසගන්න බැරි උනත් කරන්න දෙයක් නෑනේ.මේක දරාගන්නම වෙනවා - කරපු පවු වලට වන්දි ගෙවන්නත් එපැයි.උදේ පාන්දර එලි බැස්සේ අදවත් බඩගොස්තරේ හොයාගන්න පුළුවන් වෙයි කියල , කොහෙද ... හැමදාම වෙන සන්තැසියම තමා,කන්ඩ දෙයක් හොයන එක   කන එක තරම් ලේසි නැති උනත් අදනම් කන්ඩ හොයාගත්ත දේ කන එක ඊටත් වැඩ අමාරු උනා.ගිය සුමානෙත් අපේ එකෙක් වැව පැත්තෙදි පොලු පාරක් කාල එතනම එලොව ගිහින් තිබ්බ , කවුද හිතුවේ මටත් මෙච්චර ඉකමනට මටත් එහෙම වෙයි කියල...

උදේ පාන්දර ඉදම්ම වටේම හොයා හොයා බැලුවත් මොකුත් තිබ්බේ නෑ.අන්තිමට තමා දවල් වීගන එනකොට මට හිතුනේ ඇගපත හීරුනත් කමක් නෑ කෑමකඩේ ගාව ගහට බඩගාන්ඩ.දවස් දෙකතුනක වෙලේ ඉදම්ම මෑනුවත් මට බය හිතුන ගහ උඩට නගින්ඩ , කුරුළු කුඩුවක් තිබ්බේ ...පොඩ්ඩ වැරදුනොත් බිම , අනික මහඋන්ගේ කෙටිල්ල තමා ඉවසන්ඩ බැරි .... හම හිල් කරගෙන අර යක්ස හොටවල් යනකොට ඇඟ පනනැතිව යනවා,ඉවසගන්ඩම බැරි බඩගින්න හින්ද මිසක් කවදාවත් අපේ එකෙක් ගස් උඩ බඩගාන්නේ නෑ.හෙමින්සැරේ ගහ මුලට ඇවිත් පටන් ගතට නගින්ඩ , කොරපොතු ටිකක්  ගලවගෙන උනත් බඩ පිරෙනවානම් , දවස් තුනක් තිස්සේ දැන් හිස්බඩමයි.ටික ටික උඩට ගිහින් කිට්ටු කරනකොටම ආවේ නැද්ද මහ එවුන් දෙන්න ... ඒ අස්සේ පහල ඉදල කොල්ලෝ කෙල්ලෝ ටිකක් ! උනුත් ඇවිත් බලපු විදිහනම් මට ඇල්ලුවෙම නෑ , කෙල්ලෝ ටික මොන මොන වද කියනවා , ඇගපත  තියන කොල්ලෝ දෙතුන්දෙනෙකුත් හිටිය නිසා මම හිතුව හරි තමා කියල , හොටක් දෙකක් වගේ නෙවේ ඔය එන පොලු පාර... කොන්ද කඩාගෙන බිම තමා නතර වෙන්න වෙන්නේ .. එත් උන් මොකුත් කලේ නෑ , ඔහේ බලාගෙන ඉදල යන්ඩ ගියා- වෙලාවට ..ඒ කෙල්ලෝ දෙතුන් දෙනයි , කොල්ලෝ ටිකයි ගහ යටට වෙලා හිටිය ටික වෙලාවක් , මොකුත් නොකරම යන්ඩ ගියා ... උන් සමහර විට මට සාප කර කර යන්ඩ ඇති ... අතින් මොකුත් නොකලට ... මන් ගැන මොන තරම් වයිරයක් එන්ඩ ඇද්ද උන්ට , හ්ම්ම්... උන් මොනාද දන්නේ  ?

සැපට හැදෙන , කෑම ටික ලගට ලැබෙන , අම්ම තාත්ත ඕනේ දෙයක් කිව්ව ගමන් අරන්දෙන මනුස්ස පැටවු... වෙන මොනවා දැනගත්තත් උන් දන්නවද බඩගින්නේ තියන අමාරුව ...? දවසක් දෙකක් තියා වරුවක් දෙකක් වත් බඩගින්නේ ඉදල තියනවද එවුන් ? පෙර කරපු පින් නිසා මනුස්සයෝ වෙලා ඉපදිලා සමනල්ලු වගේ ඔහේ ලෝකේ ජීවත් වෙනවා , ජීවත් වෙන එකේ අමාරුව උන් දන්නේ නෑ, උන්ගේ අම්මල තාත්තල උන්ට ඒක තේරෙන්න ඇරලත් නෑ .. මම අර කුරුළු පැටවු දෙන්නෙක් පස්සේ යනකොට මට සාප කරන , විස්සෝප  වෙන කෙලි පැටවුම තමා අර කුකුල්ලු කියන මහ කුරුල්ලන්ගේ ගාත් ගාත් රස කරකර හපන්නේ  ,ඔය වීරයෝ වගේ මට පොලු ගහන කොල්ලෝම  තමා හරක් , උරෝ ,මුවෝ වගේ කාටවත් වරදක් නැති මහ සත්තුන්ව විනොදෙට දඩයම් කරන්නේ .. බඩගින්නට නෙවේ .. විනෝදෙට !! ..මම උපතිම්ම ගැරඩියෙක්,මට මේ ලෝකේ කන්න පුළුවන් දේවල් පොඩ්ඩයි තියෙන්නේ .. මීයෙක් , කුකුල් පැටියෙක් නැත්තම් කුරුළු බිත්තරයක් මිසක් මට පස් කන්න බැහැනේ .. තණකොළ හැපුවට මට ඒවා දිරවන්නේ නෑ .. මම සත්තු කන්නේ විනෝදෙට නෙවේ , බඩගින්නටයි .. මට ඔය එකෙක් එක්කවත් වයිරයක් නැහැ , අනික මොක කෑවත් මට බඩපිරෙන සතුට මිසක් වෙන අහවල් සතුටක් වත් එන්නේ නෑ.. උන්ට එහෙමද ,මොන තරම් දේවල් තියෙනවද කන්න ? එහෙම තියාගෙනනේ උන් සත්තුන්ව කන්නේ .. ( අර චීන්නු කියල ජාතියක් අපිවත් උයාගෙන කනවලු ) මම ඒකට වරදක් කියන්නේත් නෑ , උනුත් බඩගින්නට වෙන්ඩ ඇතිනේ කන්නේ ..  එත් ... ඇයි මේ මිනිස්සු කියන ජාතිය මෙච්චර නපුරු , උන්ට විතරද හොද  කන්න , අපි මේ ලෝකේ ඉන්න ඕනේ නැද්ද ? හ්ම්ම් .. එත් අර පහල හිටපු කොල්ලෝ කෙල්ලෝ ටිකනම් වෙනස් ඇති , උන් එච්චරම නපුරු නැතුව ඇති ... නැත්තම් මම මෙලහකටත් බිම , උන් මොනවද දන්නේ නෑ එතනට වෙලා හිත හිත හිටියේ....

අපොයි ! ඕක හිතන්න ගිහින් තමා මාව ගහෙන් වැටුනේ ... මහ කුරුල්ලා තැන බලල ඇන්න පාරකින් අතු කෑල්ලකුත් ගලවගෙන බිම වැටුනේ නැතෙයි ...වැටුන වේදනාව එහෙමයි , මෙන්න බොල යට ඉදන් රැකගෙන හිටිය මිනිහෙක් පොලු ගහන්න පටන් ගත්ත .. උනම්  තිරිසනෙක්ටත් අන්තයි , අමාරුවෙන් බඩගාගෙන ගිය මගේ පිටට තලලත් උගේ අසහනකාර හිතට සන්තෝසයක් දැනෙන්ඩ නැතුව ඇති .. අම්මෝ .. මට මතක් වෙනකොටත්  බයයි.. මම මරුවිකල්ලෙන් වගේ එහා තිබ්බ ගඩොල්ගොඩක් ඇතුලට රිංගලයි පන බේර ගත්තේ ! ඒක සැහෙන වෙලාවක් මගේ දිහාට ගලුත් ගහ ගහ ඉදලයි ගියේ .. උගේ හම අළු පාටයි ... මිනිහෙක් නෙවේ යකෙක් ! කොන්ද රිදෙන විදිහට තුවාලද දන්නේ නෑ , මම තව ටිකක් වෙලා ඉදල එලි බහින්න ඕනේ .. ආයේ ගහට යාගන්න පුළුවන් උනොත් හොදයි ... නැත්තම් මෙතනම හරි මැරෙනවා , මේ බඩගින්න උහුලනවට වඩා මට මැරෙන ඒක සැපයි ......


Wednesday, August 8, 2012

Sweetened Taste

Sending You a Little Smile
As You Look at Me for a While
Making the Touch a bit Mild
And a certain bit to Wild
Leaning to You Like a Child
I am Faking Not to Build

In the Touch You Explore
Love and Lust is So Adore
Over and Over I Implore
Vacant Places of Me Encore
Endless Fun We Need With Hardcore...

Young We are Still Strong
On the Start of a Journey Long
Understanding Right and Wrong
Forever -  to Each Other We Belong...
We Belong...