https://www.youtube.com/channel/UCIDe_7lvlgF4OtuC8l5B4qQ
( උපුටාගැනීමකි...)
Ruwan Abeygunawardana1 year ago
රූකාන්ත ගුණතිලකයන් විසින් ගයන්නට යෙදුනු මේ ගීතයේ, ජීවිතය සහ භවය පිළිබදව දක්වන දාර්ශනික ගැඹුර, අපේ සහ ඔහු ගේ අවාසනාවකට නියමිත වූ විචාරයකට හසුනොවූ බව අප තරයේ ම විශ්වාස කරන්නෙමු.
//"බොල් පිණි වෑහෙන වේලාවේ
ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
තාමත් ඔබ ඇති සුව නින්දේ
එනිසයි මම නොකියා යන්නේ........"//
මතුපිටින් බලන විට ගැල්කරුවෙකු තවමත් නින්දේ පසුවන තම පියඹ ගෙන් සමුගෙන රැකියාවට යන සෙයක් පෙනෙන මේ ගීතයේ හරය, අප සිතනවාට වඩා මහා දාර්ශනික එකකි.
නියමිත කල ආවිට, බොල්පිණි වැටෙන අවස්ථාවේ ම, මේ ගිහි ගෙයින් නික්මී යායුතුවෙයි. පමා වූ කල කිසිවෙකු කැදවාගෙන යා නොහැක. ඇය සුව නින්දේය - එනම් තවමත් ඇය මේ කෙළෙස් බර පුහුදුන් ලෝකය සැපය සැපය යන මතයේ ගැලී හිදියි. නින්ද නම් මේ යථාස්වරූපය අවබෝධකර නොගෙන සිටින මනෝභාවයයි. මේ මතවාදය සමග අරගල කරගැනීම ඔහුට නොරිසිය. එනිසාය ඔහු නොකියාම යන්නේ, මේ ගිහි ගෙයින් නික්මී............
//"ගැල්පිට නැගලා ඈත ගම් බලා පියමන් කරවන්නේ
තවත නිවහනක ගිමන් නිවන විට ඔබ සිහියට එන්නේ
ඔබ ගෙන් සමුගෙන මා යන්නේ..............."//
මේ සංසාරයේ අපි තණ්හාව මත නැගී දිගුවූ ගමන් ගෙවා ඇවිදින්නෙමු. තණ්හාව නැමති ගැල පිට නැගී ඈත ගම් නියම් ගම් බදු සසරෙහි සැරිසරන විට තවත් භවයකදී ඇය සිහිපත්වී නැවත භවයට ඇලීම ඔහුට නොරිසිය. මේ ව්‍යායාමය සසරින් මිදෙනු පිණිසය. එනිසා ය ඔහු ඇයගෙන් සමුගෙන යන්නේ.
//"ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ
තවලම්කරුවෝ කවරදාක දෝ එකම තැනක උන්නේ.."//
ඇයට යථාර්ථය අවබෝධවන විට මේ සසරින් ගැලවෙනු පිණිස ඔහුවද හවුල් කරගනු රිසියෙන් ඔහුව සොයනු ඇත. නමුත් ඒවන විට ඔහු ඈතට, එනම් සසරින් මිදෙනු පිණිස යන ගමනේ ඈතට ගොස්ය. මේ සසරින් මිදෙනු පිණිස යන තවලම්කරුවා එක තැනක නොරැදෙන බව, එනම් විදර්ශනා මගෙහි දිගින් දිගටම ගමන් කරන බවය ඔහු කියන්නේ.
බෞද්ධ දර්ශනයේ එන සසර, ඉන් එතරවීම සහ ගිහිගෙය හැරයාම පිළිබදව මෙතරම් භාවාත්මක ගීයක් ලියවී ඇද්ද යන්නද ඇත්තෙන් ම සැක සහිතය. අපි මෙය අසමු, එහි උඩින් පල්ලෙන් අතගා රසවිදිමු. නමුත් අප කවදාද මෙහි යටිපෙළ අර්ථය අපේ දිවියට පසක් කර ගන්නේ.............??????????