Tuesday, June 14, 2016

කරුණ නොතේරේ දෙෙවය මෙතරම් නපුරූ...



අරුණ උදාවේ බිඳිමින් සිත මැව් රූ 
පරණ වුනාවේ දහවල පෙම නොපිරූ 
තරුණ මගේමේ රෑකල කෙටි නොකෙරූ 
කරුණ නොතේරේ දයිවය මෙතරම් නපුරූ 

සිතන කරන කියනා කිසි වැරදි නැතී 
ලොවක් දිනන්නට එඩිතර හැඟුම් ඇතී 
අටට කුජට එන්නට උපතින් ලබා ඇතී  
පෙමක් ලබන්නට අපහට වරම් නැතී 

කාලය නොඑන්නේ ගතවූ යලි කිසිදා 
සීලය රැකෙන්නේ හමුවූ නැති හන්දා 
ලීලය වැඩෙන්නේ මොකටද ලඟ නැතිදා 
ආලය කරන්නේ කාටද දැන් මන්දා