දකිමින් සිහිනම අප ගැන පෙම්..
එනමුත් සොඳුරිය මම යදිමින්
ඇති දැන් සෙවුවා කාසි පනම් ...
තුටුවෙමු අපි දැන් තරු ගනිමින්
ඔව් , තුටුවෙමු අපි දැන් තරු ගනිමින්
මට පෙනෙන මේ දිවිය
වැලකින් එතී ඔහේ වැනෙන
හදවත මගේ ගැහෙයි සීමාව නොදැන
ඇස් පුරා වියරු රූ රටා ඇදෙන
ලංවෙලා බලනු එවිට ඇත පෙනෙන
මහලු... , නෑ මං ඒතරම් පරණ
තරුණ.... , නෑ මං ඒතරම් බොළඳ
දැනගන්න අපි ඉන්නෙ ලෝකයක වෙළඳ
මම නිකන් පරඩෑලක් කියන දේ කරන
මට , දැනෙනවා ... හරි මමත්
කලත් වැරැදියි කියන
මට , දැනෙනවා ... නැහැ හොදක්
කලත් හරි දේ කොතැන
බොරු නෑ.... කියලා.... කිසිදා ....මං
මැරුණත් කම් නෑ එක මොහොතක් හුස්ම අරන්...!!