බ්ලව්සයෙන් විලි වසා
ගැලපෙන්නෙකු එන තුරා
සිටිමි මම මග බලා
දුක් ගින්නක් හිත දරා
සිනහ මලින් මුව සරා
විලිබිය මහමග මරා
කුසගිනි කරනට දුරා
මොනර කොල නොලබුනත්
රැකුම තරම් දිවියක්
පොඩි උන්ට කන්නට යමක්
දෙන්න මට ඇත අරමුණක්
සැමදා සවස නොනිමෙන පවසම වින්දා
නැමදා දෙපා නොකියන රසයක අන්දා
නැතිදා තරුණකම කිසිවෙකු නැති හන්දා
පද්දා නිතබ අඩ ඇදුමින් සිල් බින්දා
ලදකට ලැබෙන ගරු බුහුමන් ලැබගන්න
මවකට ලැබෙන දරු අබිමන් දැකගන්න
පිනකට ලැබෙන මනුසත් බව පල ගන්න
ටිකකට උරුම නැතිදෝ මට නිදි ගන්න
පෙර කල කරුමෙක පල මම විදිනා
මේ දිවියෙන් කවදා මම අත් මිදෙනා
ඇයි මෙතරම් මගේ සිරුර ගද ගසනා
සොයා එන්නෙ වෙනකක් නැති ලෙස වටිනා
Created By Koba and Ana @ Last Lecture of Principles of Marketing L2S2